සැබෑ ආදරයක අරුත කිම

0 comments


ආදරය විදින්න කැමති අය හැම වෙලාවකම
ආදරේ සොයා යනවා, ආදරේ කියන්නේ
හැම වෙලාවෙම අපි ආදරය කරන හැම දෙයක්ම
අපේ ලගින් තියාගන්න එකට නෙමෙයි
සමහර විට අපි ආදරය කරන දේවල් 
අපේ ලග නැතිවුනත් අපේ ආදරේ කිසිම 
අඩුවක් වෙන්නේ නැහැ
ඒ තමයි ආදරේ හැටි
සමහරවිට අපි ආදරය කරන අය
අපිට කවදාවත්ම ආදරේ නොකලත්
අපේ ආදරේ අඩුවෙන්නේ නැහැ
සමහර විට අපි ආදරය කරන දේවල් 
අපි ලගම තියෙත්දිත් ඒ දේවල් අපේ
කරගන්න අපට බැරි වෙනවා
ඒ වුනාට එ දේවල් වලට තියෙන ආදරේ
අඩු වෙන්නේ නැහැ මේ තමයි සැබෑ 
ආදරයක අරුත 
සමහර අයගේ ආදර කතාවන් හරිම සුන්දරයි
ඒ ආදරයේ අරුත හොදින් හදුනා ගත් අය
එ අය ගේ ජීවිත ද බෙහොම සතුටින් ගෙවයි
මොවුන්ගේ ජීවිතයම ආදරය වේ ආදරයම 
ජීවිතයද වේ
නමුත් තවත් සමහරුන්
ආදරයේ නියම අරුත දැන
හෝ නොදැන එයට වහල්වි සිටි 
ගීතයක් ඇසූ විට දෑසට කදුලු පිරෙයි 
එක්තරා ගීත කිහිපයකට පමනක් සීමා වෙයි
වෙනත් ගීතයන්හි රසය විදීමට අකමැති වෙයි
පැරණි මතකයන් සිහි  කරමින් හීනවල සැරිසරයි
තමන්ගේ ජීවිතය පවා නැති කරගන්න තැත් කරයි
මේ අතර තවත් අය ආදරය විහිලුවක් සේ සිතයි
ඔවුන්ද ආදරයේ අරුත් නොදන්නා අය යැයි මට සිතෙයි

වස්සානය හමා වී

0 comments

වස්සානය හමා වී
සිනා මල් පුබුදු වී
ජීවිත තක්ෂලාවේ
වටිනාම හෝරාව උදාවිය
එනමුදු ඒ ගමන
අපහසුය...
දුෂ්කරය...
සැබවින්ම එය
මග දෙපස කටුක වූ...
මඩ වගුරු සහිත වූ
මාවත තරණය කිරීමට
තිරසර පැතුමින්
නැගී සිටිමු !!
එයයි අපේ අදිටන !!!

-කෝශි-

මතක අමතක කරනු කෙලෙසද?

0 comments

බැස යන්න එපා කිව්ව්ත්
හිරු අයිති මටම විතරද?
සුලග ඈවිදින් දුර අරන් ගියත්
ලග ඉන්න හැකි සුවදටම විතරද?
ලො දහම මෙයම කීවද
මතක අමතක කරනු කෙලෙසද?

-ධම්මි-

අපි මෙහෙමයි ඉගන ගන්නෙ

4 comments
මේ ඉන්නෙ ඒ යාලුවොන්ගෙන් කොටසක්
අධ්‍යාපය යනු  පොත්ගුල්ලෙක් පමනක් වීමද....?‍ප්‍රයෝගික අත්දැකීමෙන් තොර ‍අධ්‍යාපනය කුමටද? 

 දරුවන්ගේ අධ්‍යාපනය ගැන නිරන්තරයෙන්ම වෙ‍හෙසෙන රටවල් අතර ප්‍රදාන තැනක ඉන්න රටක් තමයි සිංගප්පූරැව කියන්නේ.


මේ අපි ඉගන ගන්න ගොඩනැගිල්ල පාට ගාන වෙලාවේ

සිංගප්පූරැවේ මහා කරැණා බෞද්ධ සංගමයේ ‍අනුග්‍රහනේ ආචාර්යය කේ. ගුණරතන ස්වාමීන් වහන්සේ‍ගේ අනුසාශකත්වය යටතේ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහනයෙන් ගිලිහුණු  වව්නියාව ප්‍රදේශයේ සිංහල, දමිළ, මුස්ලිම් දුවා දරුවන්ගේ අනාගත උන්නතිය උදෙසා සුවිසල් සමාජ මෙහෙවරක් කරමින් සිටීනවා.

අපිත් පාට ගාන්න උදව් උනා.
          එනම්,පරිගනක,දෙමළ,ඉංග්‍රීසි,සිංහල සියළුම භාෂා නොමිලේ පවත්වාගෙන යනු ලබයි.තිස් වසරක ශාපලත් කුරිරු යුද්ධය නිමාවී ආලෝක අභියස එක්රොක්ව සිටින අප...වව්නියාව ප්‍රදේශයෙන් නව සමාජ රාමුවක් ගොඩ‍නගන්නට වෑයම් කරමින් සිටී.

          එහි මාස හයක පරිනක පාඨමාගාවක් ආරම්භ කලේ පසු ගිය අප්‍රේල් මාසයේය.මෙහිදී අපිට සිංහල Typing පුරුදුවෙන එක ලොකු ගැටළුවක් උනා...ඔය ගැටළුවට කාලෝචිත පිළිතුරක් අපේ පරිනක ගුරැතුමිය දුන්නා.ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපි ව‍ටමළුව බ්ලොග් එක ආරම්භ කලේ.දැන් අපේ යාළුවන් හැමෝටම සිංහල Typing හොද...ට පුළුවන්.


මේ අපේ පරිඝනක පංතිය
මේ පංතියේ ඉගෙන ගන්න හැමෝටම ගොඩාක් උදවු කරනවා අපේ හාමුදුරැවෝ ඇතුලු මේ සිංගප්පූරවේ ජනතාව.ඒ අය මාසෙට තුන් හතර වතාවක් අපිව බලන්න එනවා.මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ ‍එදා වේල හොයාලගන කාලා ජීවත් වෙන මිනිස්සු...ඒ නිසා අපිට අඩුපාඩු බොහොමයි.
          ‍මේ අය ඒක හොදින් අවබෝධ කරගත්තා.ඒ අය අපට බස්ගාස්තු,නිළ ඇදුම්,කෑම බීම,විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන්නන්ට Lap top....පවා දුන්න.මම මේ කිවුවේ ඔවුන් කරන උපකාර වලින් අංශු මාත්‍රයක්.තව විස්තර පසුවට කියන්නම්.
                                                                            ...බොංසි මාමා...
         

ඔයා අහසක් වගේ

0 comments

ඔයා අහසක් වගේ
මොහොතින් මොහොත වෙනස් වෙන
සිතුවත් කෙහොම කොයි ලෙසින්
ඒ අහස සිප ගන්න පුළුවන්
මගේ සිතුවිලි වලට විතරනේ......
ඔයා සුලගක් වගේ
දුවගෙන ඇවිත් මොහොතක් නොයිද
ආපසු දුවන ඒ සුලග එක්ක හාද වෙන්න පුලුවන්
මගේ සුසුමකට විතරනේ..........
ඔයා සිහිනයක් වගේ සුසුමට ඉඩ හරින
පැතුම් පිරුවත් ඒ සිහිනය දැක ගන්න
පුළුවන් මගේ නිදි නෙතට විතරනේ........
ඔබ මිරිගුවක් වගේ ලං වූ විට නොපෙනෙන
බලා සිටියත් දුරක සිට ඒ 
මිරිගුව අල්ලන්න පුළුවන්
මගේ ආදරයට විතරනේ...... 

         -ධම්මි-

--ජීවිතයට--

1 comments


වෙහෙසකර ජීවිතයක
පහස නුඔ ලබන්නට
දහසකුත් වේදනා
ගුලිකරන් නිමේෂක
ජල බික් විලස නොව
මහ සයුර සේ දිරිය
මනසකින් පිරිපුන්ව
පා නගන් ඉදිරියට
ඉඩ නොදී පරාජයට
වස පොවා විනාසෙට
ජය ගනින්-රන් ටැඔක්
සේ දිලෙන-අස්ථීර නොව
ස්ථීර ක්‍රියාවලි තුළින්
අස්ථීර ලොව  සදෙසට.......!!!

                     -KABA-

සැර් වට්ටක්කා

1 comments

මේක මගේ ජිවිතේ තවත් අද්දැකිමක්!,

අපේ රටේ ............., කියන්නේ උත්තරීතර අයතනයක්, ඒත් ඒකේ ඉන්න අය කරන වැඩ නිසා ඒ ආයතනය චාටර් වෙලා තියෙන්නේ, ඉතින් මේ කතාවත් ඒ ගැන තමා.

     ඔන්න ඉතින් එක දවසක් අපේ පැත්තේ .............. පොරක් බීට් එකේ දැම්මා. බීට් 1ක කියන්නේ ජංගම නිරික්ෂණය කරනවා. ඒ කියන්නේ රැට ................ නිලධාරින් දෙදෙනෙක් රාත්‍රි‍යේ මුර සංචාරයේ යෙදෙනවා. 

ඉතින් දවසක් දා රැ මේ මුර සංචාරයේ යෙදෙන ................ නිලධාරින් අතේ තේ 1ක් බොන්නවත් අතේ පිච්චිය නැතුව ඉදලා තියෙන්නේ ඉතින් එදා රැ වැරැද්දක් කියලා තියන දෙයක් හම්බෙලාම නෑ. 

ලෝකේ තියන හොදම වගාවෙන් ඵල නෙලා ගන්න බැරි උනා රැ 11 වෙනකම්ම. ඉතින් ඔහොම ටිකක් වෙලා ඉද්දි වට්ටක්කා අරන් වව්නියා යන අලුත්ම අලුත් ඩිමෝ බටිටෙක් අවා. මේ ................. නිලධාරින් දෙන්නා මේ වාහනයට අත දාල නැවැත්තුවා. එක එලවගෙන ආවේ දෙමල ඩයල් 1ක්, වාහනේ මෙලෝ වැරැද්දක් නෑ. ලයිසන් ඉන්සුවරන්ස් ඔක්කෝම තියනවා. 

මේ ................. පොර ඇහුවා,"මොනවද අරන් යන්නේ"කියලා.
වාහනේ හිටපු දෙමල පොර කිව්වා,"සැර් වට්ටක්කා" කියලා...
 
............. මැන් කිව්වා,"තමුසේ දන්නැද්ද අලුත් නිතිය රැ 9න් පස්සේ වට්ටක්කා අදින්න බෑ... ගන්නවා රැපියල් 200ක්.!"
 ඉතින් එදා රැ ලෝකේ තියන හොදම වගාවෙන් පුංචි ගෙඩ්යක් කඩා ගත්තා. මෙකේ හිස්තැන් වලට ඔයාල කැමති 1ක් දා ගන්න. මේ වගේම කතාවකින් අපි ආයෙත් හම්බෙමු.
-චාපක- 

කටුනායක ජීවිතය III - “ඒ...යි මේ දෙකනං....අද බැහැපු දෙකක් වාගේ...බයිටි කරනවද....?

5 comments
“ඒකනං ඇත්ත තමයි බං .....ඒ උනාට බං මේ අපේ ගම තරං මටනං වටින්නෑ දිවියලෝකේ ගිහිං දැම්මත්..."
පසුදින උදෑසන අවදි වූ ඔවුන් රැකියාව සදහා යාමට සූදානම් විය.
“මට නං තිබ්බේ බාටා කෑලි දෙකයි ගිය කන්නේ කෙල්ලු විකුණලා තාත්තා අරං දුන්න කමිස කෑල්ල විතරයි. ඈ යකෝ.......පාරට බැහැල බැලිනං එක එක විසි විජ්ජන.
අතට කරට බුසල් ගනං යකඩ කෑලි එල්ලාගන වයිවාරණ සපත්තු දාගන ඒ මදිවට සමහර එවුන් කරාබු කෑලිත් එල්ලාගෙන අඩේ බොල මෙවුන්ට දෙයියංගෙ හාල් කැවිලා වත්ද?.
සිනහවකට මුව සූදානම් වුවත් මා එය වෑයමෙන් නවතා ගත්තෙමි. අපි මේ ලෝකයේ තියෙන තාක්ෂණික දැනුම සමග ඉදිරියට යන විට තවත් පිරිසක් ඉතාමත් පහළ.ඇයි මේ....?

සමහර විට අපි විදේශිකයෙකු සමග කතා කළ හොත් ඔවුන්ගේ තාක්ෂණික දැනුම හා සසදන කල අප මාගේ මිතරාගේ තත්වයටම වැටෙන්නට ඉඩ ඇත.මෙවැනි පුද්ගලයන් දුටු විට අප සැබැවින්ම සිනහ වීමද කල යුත්තේ...?

නැත අප එවැන්නන් මේ සමාජයෙන් ඉදිටියට යාමට දිරිය දෙමු.ඔහු කතාව නැවැත්වූයේ නැත.මා ද ඔහු නැවැත්වීමට වෑයම් නොකලෙමි.
“අපි දෙන්නා බස් එකේ යන්නත් හදලා...අයෙ පයින්ම ගියා අමන්දොළුවෙ ඉදලා ඇවරියවත්ත ටවුන් එකට.ඒක මහ කජු කනවා වගේ වැඩක් බං.උඔ දන්නවනේ...අපි හැතැප්ම දහය පහළොව පයින් ගිහිං තියෙන එකේ... ඔය ඩිංග යංඩ බස් ඕනෙද හා....?
අද වාගේ මතකයි ඕං...එතකොට ම ජැන්ඩි පහට ඇදගත්ත ගෑණු ළමයි දෙන්නෙක් අපි පහු කරගෙන ගියා...ඉන් එකියක් මෙහෙම කීවා...
“ඒ...යි මේ දෙකනං....අද බැහැපු දෙකක් වාගේ...බයිටි කරනවද....?
එවිට අනිත් එකී...“පිස්සුද යකෝ....මේ දවස් වල shift එකට වැඩ කරන්නේ කියලා උඔට අමතකද?මෙහෙ වරෙන් යන්න ගැරඩ්න්ට ගල් ගහන්නැතුව...
තුහේ ....නොදම කිං ඇහැටුල්ලී...මෙවුං කතා කරන්ඩ වත් දන්නෑනෙ බං...
ඇත්තෙන්ම මගේ මිතුරා ගමේ හැදුන වැඩුන තරැණයෙකි.ඔහු ඉතා රෑමත් ය.පුළුල් වූ නලළ් තලය සිනහවකින් හැකිලී යන්නේ ය.තරමක් ලැජ්ජා ශීලි ඔහු කිසිම දිනෙක කොණ්ඩය පීරැවේ නැත.සෑමදේටම කට කොනකට නගා සිනාසීම ඔහුගේ පුරැද්දයි.මෙ නිසාම සියළු දෙනාගේ ආකර්ශනයට ලක් නොවුනේ නම් එය පුදුමයකි.

අපේ ගං වල දකින කෙල්ලෝ වාගේ   නෙමෙයි බං මෙවුන්...බලන බලන එකා එක්ක කට අප්පල්ලේ වාගේ ඇරගෙන විරිත්තනවා...සමහර එවුං යන්නේ වයින් කරපු කාර් වාගේ...ඈ...බං...ගෑණු ළමයෙක් වුනහම ටිකක් සංවරව යන්ඩ එපා ද හා....?සංවරව අදිංඩ එපාද..? 
අපේ ගං ඔල නං කලිසන් කොටයක් ගැහැවුවොත් ආයෙ...ගමේ ඉදලා...හමාරයි.

ඒකටත් එක්ක මෙවුන් කකුල් දිගටත් අදිනවා...කොටටත් අදිනවා...ඒත් මටනං අම්මාපල් හිතුනා සායකුයි හැටිටෙකුයි ඇදගෙන එන්ඩ.ඇයි යකෝ මුං මහ පුදුමාකාර ජාතියක් නෙ...

සමහර එවුන්ගේ කකල් දිහා බලන්ඩ බයේ බෑ...කොයි වෙලාවේ ලබ්බ පොලවෙ ගැහුවා වාගේ පැලෙයිද කියලා.

සැබවින්ම ග්‍රාමීය ප්‍රදේශවල ගැහැණු ළමයකු කලිසමක් අදිනවා කියන්නේ මහ නිංදාවට අවනම්බුවට කරුණක් නේ......

එත් නාගරික සංස්කෘතිය හරිම වෙනස්.මගේ මේ මිතුරා දැන් වසර ගණනාවක්ම මාගෙන් දුරස් වී.මේ සියලු විස්තර ඔහුගේ “කටුනායක විත්ති නම් සටහනින් උපුටා ගන්නා ලද තොරතුරු වෙ.



කටුනායක ජීවිතය II - අඩේ....බං ඒකනං ජා...ති බෝඩිම...

1 comments
“ඒ...කේ.. ආයේ අමුතුවෙන් බලන්ඩ දෙයක් නෑ...බෝඩිම කියන්නෙත් වරිච්චි හතරකින් කොටු වෙච්ච ගෙයක්...නේ...

          පුංචගෙ මිත්‍රයා විකී ය.දෙවැනි දිනයේ විකීගේ සොහොයුරිය වන අශෝකා විසින් වෙනත් නවාතැනක් වෙත ඔවුන් රැගෙන යන ලද්දේ එකම බෝඩිමේ තුන් දෙනාටම සිටිය නොහැකි බැවිණි.ඇය පැවසුවේ ස්තීර බෝඩිමක් සොයා ගන්නා තුරැ එහි රැදෙන ලෙසයි.පුංචා මෙවර සිනා මුවින් කතාව ආරම්භ කලේය.

“අඩේ....බං ඒකනං ජාති බෝඩිම...මට කියාපු එක.අපේ ගෙදරත් හදන්ඩ කලිං  ඔහොම තමයි තිබ්බේ...

පුංචා කියන්නට යන්නේ කුමක්දැයි වටහා ගත නො හැකිව මා විෂ්මයෙන් බලා සිටියෙමි.

උඔට කියන්ඩ...හරියට කුකුල් කූඩුවක් වාගේ.කාබරේ ඇතලේ බූරැ ඇදන් දෙකක් තිබ්බා.හැබැයි බිමට සිමෙන්ති නං දාලා තිබ්බෙ නෑ...දූවිලි කන්ද...

ඔහු මේ දූවිලි කන්ද කිවුවේ දූවිලි ගොඩාක් තිබුණා යන්න පැවසීමටය.

මං ජීවිතේ කවදාවත් සවර් (ෂවර්) එකකකිං බාත්තුරෑම් එකක් ඇතුලේ නාලා නෑ....අපි නාන වතුර ඔක්කම යන්නේ එක වලකට.ඒක අඩි හයක් විතර ගැඹුරැයි ලු.අඩි දෙකක් විතර දිගයි.පලළ අඩි....තුනයි ලු.ඔය වල තිබ්බේ හරියටම අපේ කාමරේ ඉස්සරහ.

අම්මෝ....බං හත් අවුරැද්දක් විතර පරණ කුණු කාණුවක්.අහලක් පහලකින් යන්ඩ බෑ...කුණු ගද.

          ඔහු මෙ කියන්නේ සත්‍යකි.කටුනායක සමහර ගෙවතු ඉතා කුඩාය.මේ නිසා ඔවුන් ඉන් උපරිම ඵල නෙලාගැනීමට වෑයම් කරති.ඔහු කතාව දිගින්දිගටම දිගහරින්නට විය ඔය අතරතුර මට එකවරම සිනහගියේ ඔහුගේ එක්තරා ප්‍රකාශයකටය.

“අපි බං කැලේ කාලා වලේ පෙරලිච්ච එවුන්නේ... වැවට බැහැලා ඇස් ගෙඩි දෙක රතු වෙනකං නාලා මඩයට තියෙන නෙලුම් අලත් කාලා... මදිනං තව ගස් වල තියෙන තිබිරි ගෙඩිත් කාලා ...පැය තුන හතරක් යනකං වැවෙන් ගොඩ නොවිච්ච එවුන්නේ. අපේ රත්තිත් ඔයිට වඩා හයියෙන් චූ කරනවා..."

ඔහු ඒ පැවසුවේ ෂවර් එකෙන් එන වතුර ප්‍රමානය මදි බවයි, මම සිනහව නවතා කාරුනික ලෙස මෙසේ පැවසුවේය.

“පුංචෝ අපි ගමේ දකින ලෝකයයි නගරයේ දකින ලෝකයය් ගොඩාක් වෙනස්!...උඔ හොද වෙලාවට කටුනායක ගියේ නැත්තං මේ දේවල් උඔ කවදා කොහේදී දකින්නද...?" කියා මා නිහඩ විය.මද වේලාවකින් ඔහු දුක්මුසුව මෙසේ පැවසිය.

කටුනායක ජීවිතය I

1 comments

කටුනායක කියන නම කණ වැකෙන සෑම මොහොතකම ඔබේ සිත තුල නැගෙන්නේ කිනම් චිත්ත රැපයක්ද....?

ඉදි කඩුල්ලෙන් පැන පොත් මිටියෙන් සමුගත්තද හය හතර නොදත්  තුරැණු ලොවේ  හෙට දවස ගොඩනගන්නට නේක වෙස් දරති...කුප්පි ලාම්පුවෙන් ජීවිතය ආලෝකමත් කර සමාජගත වන මොවුන්ගේ හෙට ලොව සොප්නයක් වේවිද....?

“රෑ වැඩ මුරය අවසන් වන කණි සමට
 නුඹෙ මුව පෙනේ පරවුණු කුසුමක් ලෙසට
 අරැණළු කැරලි වැටෙනා සද අළුයමට
 නුඹෙ ලොවට රෑවෙයි පෙර කල පවට....

ගීතයෙන් කියවෙන්නේ... ඇගළුම් කම්හලක සේවය කරන සේවකයකුගේ හෝ සේව්කාවකගේ ජීවන වෘතිය පිළිබද අංශු මාත්‍රියකි.

දිනෙන් දින ඉහළ යන ජීවන බර තවදුරටත් දෙමව්පියන්ට පැටවිය නොහැකි හෙයින් ඔවුන් ඇගලුම් කම් හළක සේවය කිරීමට පිටත්ව ගියේ අ.පො.ස.(සා.පෙ.)විභාගය හමාර කල වහාමය.ඔහු මගේ පළමු පංතියේ සිට අධ්‍යාපනය හැදැරෑ මිත්‍රෙයකි.

එහෙත් ශිෂ්වත්ව විභාගයෙන් අනතුරැව මා නගරයේ පාසලට ඇතුලත් විය.නමුත් මගේ මිත්‍රයට ඒ අවස්තාව නොලබුණි.ඔහුට ගමේ ආමන්ත්‍රනය කලේ “පුංචා යනුවෙනි.වසර ගනනකින් පසු ඔහු මට මුන ගැසිණි.ඔය අතර තුර ඔහුගේ ජීවිතයේ එක්තරා පරිචේදයක් දිගහරින්නට පටන් ගත්තේය...

“මේක මහ පුදුම ලෝකයක් බං..."
මම ඇයි කියලා ඇහුවා...ඔහු හිස පහතට හරවා ගනිමන් ඒ දුක්බර අතීතය මෙසේ හෙලි කළා...

“උඔ දන්නවනේ බං... මං අනන්තවත් දුක් ව්දලා තියෙනවා ජීවිතය ගැටගහගන්න කියලා.... අපේ අම්මලා තාත්තලත් එහෙමයි...තවත් ඔවුන්ගෙන් යැපෙන්න බැරි නිසා මම හිතුවා මොකක් හරි ජොබ් කට්ටක් හොයා ගන්න ඕනෑ කියලා... ඊට පස්සේ කටුනායක යන්න තීරණය කලා..."

මුලදී ගෙදරින් මේ ගමනට විරැද්ද වුවත් අවසානයේ දෙමාපියන් ද කැමති වූ බව පවසා සිටියා.

ඔහු මාස තුනක කාලයක් එහි සේවය කල බවත් ඒ තෙමස තුල ඔහු කල කී දෑ සියල්ල පුංච් පොත් පිංචක සටහන් කර තිබුණි.ඒ අනුව ඔහුගේ වදන් තුලින්ම මෙම පෝස්ට් එක නිර්මාණය කරන්නට මා වෑයම් කළෙමි. 

මෙ ගමනේ දී ඔහුට උදවු කරන්න මැතක දී හදුනාගත් නගරයේ මිත්‍රයෙකු සිටි බවත් ඔහු ඒ කාලයේ තමා ලගම සිටි මිතුරා බවත් පැවසුවා.ඔහු කතාව ආරමිභ කලේ දීර්ඝ හුස්මකින් අනතුරැවය.

අපි... ගම් වල හැදිච්ච එවුන්නෙ...බං.ඔය ලොකු ලොකු ටවුං  වල ගිහිං පුරැදුත් නෑ...අනිත් එක බං....බෝඩිං වල මම ජීවිතේට වත් ඉදලා නෑ... අම්මාපල්!...මම බෝඩිමක් කියන්නේ මොකද්ද කියලා වත් දැනගෙන හිටියෙ නෑ.ඇයි බං මම ගියේ ගමේ ඉස්කෝලෙට..ටී වි එකක් වත් බලන්ඩ තිබ්බෙ නෑ.. කුප්පි ලාම්පුවෙන් තමයි පාඩං කෙරැවේ...උබට කියන්ඩ බං...ටවුන් එකට ගියෙත් කලාතුරකින්.ඉතිං කොහින්ද බං බෝඩිං දකින්නේ....?

          ඔවුන් රැගෙන ගොස් තිබුණේ ඒ සී කළ නවීන පන්නේ වෑන් රථයකනි.පුංචට නම් නුහුරැ අත්දැකීමක් උනා.ඔහු මිත්‍රයගෙන් අසා සිටියේ

ඈ....බං මේක ඇතුලේ මාර සීතලක් නෙ තියෙන්නේ....

උඔ ඒක වත් දන්නෙ නැද්ද් බං...ඒ සී එක ඔන් කරා බං.

පුංචා මේ ඒ සී කියන වචනය අහලවත් නෑ.ඔහු මට පැවසුවේ...

“මගෙ ආත්මෙට මං එ සී කරපු වෑන් එකක ගිහිනුත් නෑ.


මේ මගේ මිත්‍රයා ගැන මම පුදුම උනා...  එක් අතකින් එහෙම පුදුම වෙන්න දෙයක් නෑ ,ඔහු ගොඩාක් දුප්පත් පවුලක ඉපදුන කෙනෙක්.  ඔහු ගමේ පාසලෙන් අධ්‍යපනය ලැබුවේ.

ඔයකාලේ ඒ ගමට විදුලිය තිබුනෙත් නෑ, පාරවල් තිබුනෙත් නෑ නිතරම දූවිලි ඇවිස්සුනු වලවල් සෑදී ගල් මතුවූ  බෙරලු පාරක් විතරයි තිබුනේ.ඉතින් ඔහු මේ කියන කතාව බොරුවක් නොවේ.ඔහු නැවතත් කතාව ආරම්භ කලේ...

“ කොහොම හරි මචං ඔං..  හැන්දෑවේ හතර වෙන කොට කටුනායකට ගියා විකීගෙ අක්කා එහෙ අවුරුදු විස්සක් වැඩ කරනවා.අක්කා අපි බෝඩිමට අරං ගියා.කරකවලා....ඇතෑරියා වාගේ බං. පුදුම මහන්සියක් නෙ දැවුනේ...

ඇයි බං ඔය වාගේ දිවිය ලෝක ගමනක් මගේ උපං ආත්මෙට ගියිං නෑ...අපි නතර වුනේ තට්ටු දෙකේ ගෙයක.මම ගියපු ගමන්ම ඇහුවේ කොයි අක්කගෙ බෝඩිම කියලා...

          ඔහු එසේ අසා සිටියේ බෝඩිම යනු කුමක් දැයි දැනගනු රිසියෙනි.කිසිම දිනක බෝඩිමක් නොදුටූ ඔහු මෙසේ සදහන් කලේය.

වටමලුව

0 comments

අපට පුලුවන් එහෙම නේද?

3 comments


ජීවිතය..........
කියන අකුරු හතර ඇතුලේ
ලොකු අර්ථයක් තියනවලු
වරක් පැරදුනොත් දිනන්න අවස්ථා සියක් අපට දෙනවලු
වරක් හැඩෙව්වොත් සිනා මල් පොකුරක් අරගෙන
ආයෙත් ඇවිත් කදුලු පිස දමනවලු 
දුකක් දීල ඈතට ගියොත් සිනා සාගරයක් ගෙනත් දෙනවලු
මේ ජීවිතය...............
විදින්න දුන්න ජීවිතය අරගෙන විදෙව්වොත්
අපට ගොඩක් දේවල් දීල තියෙන
මේ ජීවිතයට කරන ලොකු අසාධාරනයක්ලු
හැබැයි.....................
ජීවිතය විදින්න යාන වාහන රංසළු ඕනෙද......?
නැහැ නේද...........?
කිරි දරුවෙකුගේ හසරැල්ලෙන් ජීවිතය විදින්න
වැටෙන හිරි පොදින් ජීවිතය දොවනය කරන්න
උදා හිරු කිරණින් ජීවිතය නහවන්න
කෙනෙකුගේ සතුට දිහා බලලා සැනසෙන්න
දෑසට හසුවෙන
දිවට රස ගෙනෙන
සවනට මුසුවෙන
සියලු මාධූර්යයන්ගෙන්
ජීවිතය විදින්න අපට පුලුවන්ද?
ඔව්............
අපට පුලුවන් එහෙම නේද? 
එහෙනම්
මේ දැන් සිටම
ජීවිතයට ඉඩ දෙන්න................................