Showing posts with label අපි. Show all posts
Showing posts with label අපි. Show all posts

වස්සානය හමා වී

0 comments

වස්සානය හමා වී
සිනා මල් පුබුදු වී
ජීවිත තක්ෂලාවේ
වටිනාම හෝරාව උදාවිය
එනමුදු ඒ ගමන
අපහසුය...
දුෂ්කරය...
සැබවින්ම එය
මග දෙපස කටුක වූ...
මඩ වගුරු සහිත වූ
මාවත තරණය කිරීමට
තිරසර පැතුමින්
නැගී සිටිමු !!
එයයි අපේ අදිටන !!!

-කෝශි-

මතක අමතක කරනු කෙලෙසද?

0 comments

බැස යන්න එපා කිව්ව්ත්
හිරු අයිති මටම විතරද?
සුලග ඈවිදින් දුර අරන් ගියත්
ලග ඉන්න හැකි සුවදටම විතරද?
ලො දහම මෙයම කීවද
මතක අමතක කරනු කෙලෙසද?

-ධම්මි-

මචන් අල

8 comments

මේ කතාව මගේ සැබෑ ජීවිතේ වෙච්ච දෙයක්.

අපෙ ගමේ  ඉන්නවා අමිල කියල කෙනෙක් එයාට "ර" අකුර කියවෙන්නේ නෑ.

ඉතින් මෙ කොල්ලාගේ ඉස්කොලේ තියෙනවා තට්ටු දෙකේ බිල්ඩිමක්.මෙකේ උඩ තට්ටුවෙ තමයි මේ කොල්ලගේ ක්ලාස් එක තිබ්බේ.

ඉතින් මේ පන්තියට එහා වත්තේ තියෙන පුවක් ගස් පේනවා...  ඒ ගස් වල පුවක් ගෙඩි පිරිලා...  

මේක දැකපු අර කොල්ලා එක පාරටම මෙහෙම කිව්වා.
 
"මචන් අල බලපන් අල ගහේ පුවක්!" 
  
කියලා, මේක අහගෙන හිටපු ඔක්කෝටම හිනා!... 

මම මේ වගේම කතාවක් අයෙත් කියන්නම්.

-චාපක-

                                                  

අපිත් දැන් බ්ලොග් ලියනවා

14 comments

අපේම යාළුවෙකුගෙ උදව් ඇතුව අපි සෙට් එකක් එකතු වෙලා බ්ලොග් එකක් ලියන්න හිතුවා.

ඉතින් අපි ඔක්කොම එකතු වෙලා අපෙ බ්ලොග් එකට නමක් දාන්න කල්පනා කරද්දි
නම් ගොඩාක් එකතු උනා.

 ඊට පස්සේ තමයි හැමෝගෙම  කැමැත්තත්, තේරුමකුත් ඇතුව "වටමළුව" කියන නම තොරගත්තේ.

"
වටමළුව" කියන තැන හරිම සරුයි.

අස්වන්න පිරිලා වගෙම, බත සපයන්න වී අස්වන්න ආරක්ශා වෙන  තැනක්.

ඉතින් මේ "වටමළුව"  සාමාන්‍යයෙන් ගොවිතැනේදි භාවිතා කරන්නේ, හදිසියේ වැස්සක් වැස්සොත් අස්වැන්න රැක ගන්න, එක තැනකට එකතු කරගන්නයි.

"ගොයම් කොළේ" කියල කියන්නෙත් ඒකටම තමයි.

අන්න ඒ තේ
රුමෙන් අපෙ යාළුවන්ගෙ අදහස්, අත්දැකීම්, දක්ෂතා එකතු කරගන ලෝකෙට ඉදිරිපත් කරන්න ඔන්න අපිත් දැන් බ්ලොග් ලියනවා........

මේක කියවන ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා අපිට කොමෙන්ට් වලින් කියල එවන්න.ඒව අපිට ගොඩක් වටිනව. 
 
අපේ අදහස් අන්තර්ජාලයට එකතු කරන්න අපිට උදව් කරපු ඒ යාළුවටත් ගොඩා.....ක් ස්තූතියි!.

ඔයාලත් අපේ බ්ලොග් එක කියවන්න.වැරිදි පෙන්නලා දෙන්න.අපි ඉන්නෙ නම් රජරට,තාම ඉගෙන ගන්නවා.