Showing posts with label බ්ලොග්. Show all posts
Showing posts with label බ්ලොග්. Show all posts

අපිත් දැන් බ්ලොග් ලියනවා

14 comments

අපේම යාළුවෙකුගෙ උදව් ඇතුව අපි සෙට් එකක් එකතු වෙලා බ්ලොග් එකක් ලියන්න හිතුවා.

ඉතින් අපි ඔක්කොම එකතු වෙලා අපෙ බ්ලොග් එකට නමක් දාන්න කල්පනා කරද්දි
නම් ගොඩාක් එකතු උනා.

 ඊට පස්සේ තමයි හැමෝගෙම  කැමැත්තත්, තේරුමකුත් ඇතුව "වටමළුව" කියන නම තොරගත්තේ.

"
වටමළුව" කියන තැන හරිම සරුයි.

අස්වන්න පිරිලා වගෙම, බත සපයන්න වී අස්වන්න ආරක්ශා වෙන  තැනක්.

ඉතින් මේ "වටමළුව"  සාමාන්‍යයෙන් ගොවිතැනේදි භාවිතා කරන්නේ, හදිසියේ වැස්සක් වැස්සොත් අස්වැන්න රැක ගන්න, එක තැනකට එකතු කරගන්නයි.

"ගොයම් කොළේ" කියල කියන්නෙත් ඒකටම තමයි.

අන්න ඒ තේ
රුමෙන් අපෙ යාළුවන්ගෙ අදහස්, අත්දැකීම්, දක්ෂතා එකතු කරගන ලෝකෙට ඉදිරිපත් කරන්න ඔන්න අපිත් දැන් බ්ලොග් ලියනවා........

මේක කියවන ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා අපිට කොමෙන්ට් වලින් කියල එවන්න.ඒව අපිට ගොඩක් වටිනව. 
 
අපේ අදහස් අන්තර්ජාලයට එකතු කරන්න අපිට උදව් කරපු ඒ යාළුවටත් ගොඩා.....ක් ස්තූතියි!.

ඔයාලත් අපේ බ්ලොග් එක කියවන්න.වැරිදි පෙන්නලා දෙන්න.අපි ඉන්නෙ නම් රජරට,තාම ඉගෙන ගන්නවා.