Showing posts with label ජීවිතය. Show all posts
Showing posts with label ජීවිතය. Show all posts

වස්සානය හමා වී

0 comments

වස්සානය හමා වී
සිනා මල් පුබුදු වී
ජීවිත තක්ෂලාවේ
වටිනාම හෝරාව උදාවිය
එනමුදු ඒ ගමන
අපහසුය...
දුෂ්කරය...
සැබවින්ම එය
මග දෙපස කටුක වූ...
මඩ වගුරු සහිත වූ
මාවත තරණය කිරීමට
තිරසර පැතුමින්
නැගී සිටිමු !!
එයයි අපේ අදිටන !!!

-කෝශි-

අපි මෙහෙමයි ඉගන ගන්නෙ

4 comments
මේ ඉන්නෙ ඒ යාලුවොන්ගෙන් කොටසක්
අධ්‍යාපය යනු  පොත්ගුල්ලෙක් පමනක් වීමද....?‍ප්‍රයෝගික අත්දැකීමෙන් තොර ‍අධ්‍යාපනය කුමටද? 

 දරුවන්ගේ අධ්‍යාපනය ගැන නිරන්තරයෙන්ම වෙ‍හෙසෙන රටවල් අතර ප්‍රදාන තැනක ඉන්න රටක් තමයි සිංගප්පූරැව කියන්නේ.


මේ අපි ඉගන ගන්න ගොඩනැගිල්ල පාට ගාන වෙලාවේ

සිංගප්පූරැවේ මහා කරැණා බෞද්ධ සංගමයේ ‍අනුග්‍රහනේ ආචාර්යය කේ. ගුණරතන ස්වාමීන් වහන්සේ‍ගේ අනුසාශකත්වය යටතේ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහනයෙන් ගිලිහුණු  වව්නියාව ප්‍රදේශයේ සිංහල, දමිළ, මුස්ලිම් දුවා දරුවන්ගේ අනාගත උන්නතිය උදෙසා සුවිසල් සමාජ මෙහෙවරක් කරමින් සිටීනවා.

අපිත් පාට ගාන්න උදව් උනා.
          එනම්,පරිගනක,දෙමළ,ඉංග්‍රීසි,සිංහල සියළුම භාෂා නොමිලේ පවත්වාගෙන යනු ලබයි.තිස් වසරක ශාපලත් කුරිරු යුද්ධය නිමාවී ආලෝක අභියස එක්රොක්ව සිටින අප...වව්නියාව ප්‍රදේශයෙන් නව සමාජ රාමුවක් ගොඩ‍නගන්නට වෑයම් කරමින් සිටී.

          එහි මාස හයක පරිනක පාඨමාගාවක් ආරම්භ කලේ පසු ගිය අප්‍රේල් මාසයේය.මෙහිදී අපිට සිංහල Typing පුරුදුවෙන එක ලොකු ගැටළුවක් උනා...ඔය ගැටළුවට කාලෝචිත පිළිතුරක් අපේ පරිනක ගුරැතුමිය දුන්නා.ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපි ව‍ටමළුව බ්ලොග් එක ආරම්භ කලේ.දැන් අපේ යාළුවන් හැමෝටම සිංහල Typing හොද...ට පුළුවන්.


මේ අපේ පරිඝනක පංතිය
මේ පංතියේ ඉගෙන ගන්න හැමෝටම ගොඩාක් උදවු කරනවා අපේ හාමුදුරැවෝ ඇතුලු මේ සිංගප්පූරවේ ජනතාව.ඒ අය මාසෙට තුන් හතර වතාවක් අපිව බලන්න එනවා.මේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ ‍එදා වේල හොයාලගන කාලා ජීවත් වෙන මිනිස්සු...ඒ නිසා අපිට අඩුපාඩු බොහොමයි.
          ‍මේ අය ඒක හොදින් අවබෝධ කරගත්තා.ඒ අය අපට බස්ගාස්තු,නිළ ඇදුම්,කෑම බීම,විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන්නන්ට Lap top....පවා දුන්න.මම මේ කිවුවේ ඔවුන් කරන උපකාර වලින් අංශු මාත්‍රයක්.තව විස්තර පසුවට කියන්නම්.
                                                                            ...බොංසි මාමා...
         

--ජීවිතයට--

1 comments


වෙහෙසකර ජීවිතයක
පහස නුඔ ලබන්නට
දහසකුත් වේදනා
ගුලිකරන් නිමේෂක
ජල බික් විලස නොව
මහ සයුර සේ දිරිය
මනසකින් පිරිපුන්ව
පා නගන් ඉදිරියට
ඉඩ නොදී පරාජයට
වස පොවා විනාසෙට
ජය ගනින්-රන් ටැඔක්
සේ දිලෙන-අස්ථීර නොව
ස්ථීර ක්‍රියාවලි තුළින්
අස්ථීර ලොව  සදෙසට.......!!!

                     -KABA-

ජීවිතේ අමාරුම කාර්යය මිනිස්සු හදුනා ගැනීම

4 comments


ගහනං හේතං මනුස්සා ජීවිතේ අමාරුම කාර්යය මිනිස්සු හදුනා ගැනීම,ඒක කොයි තරම් දුරට සත්‍ය ද කියලා අපිට තේරෙනකොට අපි ගොඩක් දුර ගිහින් ආපහු හැරෙන්න බැරි තරම්.  
 සමහර මිනිස්සු ගැන දැනගන්න කොට අපිට අපි ගැනම අනුකම්පාවක් ඇති වෙනවා. ජීවිතේ අපි කොච්චර රැවටෙනවද කියලා.
අපි ලස්සනට මවලා පාට කරලා කාලයක් ජීවත් වුණ ඒ සුන්දර හීන ලෝකේ මහ වැස්සට අහුවෙලා දියවෙලා යනකොට තමයි තේරෙන්නේ “ප්‍රේමතී ජායතී ශෝකො” කියලා. ඒ ධර්මතාවය කොයි තරම් දුරට සත්‍ය ද කියලා.
“යතාවාදී තථාකාරි යථාකාරි තථාවාදී” මිනිස්සු දැන් ලෝකේ හොයන්න බොහොම අමාරුයි. ඉන්න පුලුවන් බොහොම ටික දෙනෙක්.
තාරුණ්‍ය සීමා සහිතයි. ඒත් ආශාවන් අසීමිතයි. ඒත් ඒ ආශාවන් විහිලුවක්, මායාවක් කරගෙන සෙල්ලම් කරන එක භයානක ප්‍රතිඵලයක මුල වෙන්න පුලුවන්. හරි - වැරුද්ද, සිරිත්- විරිත්, සම්ප්‍රදාය නොහදුනන සමාජ රාමුවකට කොටු වෙලා අශීලාචාර අශෝභන තරුණ පරපුරක් දැන් බිහිවෙලා.
අපට තාක්ෂණික දියුණුව අත්‍යාවශ්‍යම වුවත් නිවැරදි දේ තෝර ගැනීම අප සතු වගකීමක් යුතුකමක්. තාක්ෂණයෙන් වල්මත් වෙලා ජීවිතය අදුරේ වැටෙන්න ඉඩ දෙන්න එපා.
හරි දේ හරියට කරන්න පුරුදු වෙන්න. එවිට අපේ තාරුණ්‍යයේ සුන්දර මතක සටහන් සමූහයක තොතැන්නක් වේවි. 
 - චන්දිමා-