Showing posts with label ලෙංගතුකම. Show all posts
Showing posts with label ලෙංගතුකම. Show all posts

සැබෑ ආදරයක අරුත කිම

0 comments


ආදරය විදින්න කැමති අය හැම වෙලාවකම
ආදරේ සොයා යනවා, ආදරේ කියන්නේ
හැම වෙලාවෙම අපි ආදරය කරන හැම දෙයක්ම
අපේ ලගින් තියාගන්න එකට නෙමෙයි
සමහර විට අපි ආදරය කරන දේවල් 
අපේ ලග නැතිවුනත් අපේ ආදරේ කිසිම 
අඩුවක් වෙන්නේ නැහැ
ඒ තමයි ආදරේ හැටි
සමහරවිට අපි ආදරය කරන අය
අපිට කවදාවත්ම ආදරේ නොකලත්
අපේ ආදරේ අඩුවෙන්නේ නැහැ
සමහර විට අපි ආදරය කරන දේවල් 
අපි ලගම තියෙත්දිත් ඒ දේවල් අපේ
කරගන්න අපට බැරි වෙනවා
ඒ වුනාට එ දේවල් වලට තියෙන ආදරේ
අඩු වෙන්නේ නැහැ මේ තමයි සැබෑ 
ආදරයක අරුත 
සමහර අයගේ ආදර කතාවන් හරිම සුන්දරයි
ඒ ආදරයේ අරුත හොදින් හදුනා ගත් අය
එ අය ගේ ජීවිත ද බෙහොම සතුටින් ගෙවයි
මොවුන්ගේ ජීවිතයම ආදරය වේ ආදරයම 
ජීවිතයද වේ
නමුත් තවත් සමහරුන්
ආදරයේ නියම අරුත දැන
හෝ නොදැන එයට වහල්වි සිටි 
ගීතයක් ඇසූ විට දෑසට කදුලු පිරෙයි 
එක්තරා ගීත කිහිපයකට පමනක් සීමා වෙයි
වෙනත් ගීතයන්හි රසය විදීමට අකමැති වෙයි
පැරණි මතකයන් සිහි  කරමින් හීනවල සැරිසරයි
තමන්ගේ ජීවිතය පවා නැති කරගන්න තැත් කරයි
මේ අතර තවත් අය ආදරය විහිලුවක් සේ සිතයි
ඔවුන්ද ආදරයේ අරුත් නොදන්නා අය යැයි මට සිතෙයි

අහිමි වුණු ඇගේ ඇසුර

9 comments


ජීවිතේ හරිම පුදුමාකාරයි. කිසි දිනක අප නොසිතූ දේ අරගෙන සැඩ සුළගක් වගේ ලගට එනව, ඊට පස්සේ මොකුත්ම නොවුන විදිහට ආයෙත් ජීවිතය ගලාගෙන යනව. 

ඒත් කවමදාකවත්ම අමතක කරන්න බැරි චරිත අපේ ජීවිත වලට ලංකරන්නත් ඒ අය අපගෙන් වෙන් කරන්නත් මේ ජීවිතය පුරාවට සිදුවන සිදුවීම් වලට පුලුවන්.

අපේ ජීවිතයේ විවිධ කඩයිම් පසු කරගෙන අපි ඉදිරියටම යනවා... එවැනි එක් කඩයිමක් තමයි අපි හැමෝගෙම A/L ජීවිතය කියන්නේ. හැමෝම අවුරැදු දෙකක් පුරාවට මහන්සි වෙලා පාඩම් කරල  කොහොම හරි ඉගෙන ගෙන කැම්පස්  යන්න තමයි දගලන්නේ... මේ අවුරැදු දෙක ඇතුලේ අපිට මො තරම් දේවල් වලට මුහුණ දෙන්න වෙනවද?

මම මේ ලියන්නේ මගේ ජීවිතය තුල අනිත් බව සැබෑලෙසම අත්වින්ද අත්දැකීමක් . ඇය මට හමුවන්නේ A/L ටියුෂන් class කින්, එදා  මට අද වගේ මතකයි.මට එදා class එකට යන්න පරක්කු වුනා මොකද මම ගොඩක් දුර ඉදන් class එකට යන නිසා. ඒත් මම ගිහින් class එකේ ඉඩ තියෙන තැනකින් වාඩි වුනා. සර් සිංහල සාහිත් පාඩම රස කර කර උගන්වනවා.

මේ අතර තුරේ මට එහා පැත්තෙන් වාඩිවෙලා හිටිය ළමය එක පාරටම සිහිය නැතිව වැටුනා.මම හොදටම බය වුනා මමත් අනිත් ළමයිනුත් එකතු වෙලා එයාට වතුර ඉහලා,තව වතුර ටිකක් බොන්න දුන්නා. ටික වෙලාවකින් එයාට සිහිය ආවා.

මම එක පාරටම එයාගෙන් ඇහුවේ,"ඔයා කෑමකාල නෙවෙයිද ඉන්නේකියලා ඊට පස්සේ එයා කිවුව "මගේ තාත්තා හොස්පිට්ල් එකේ නතර කරල... ගොඩක් අමාරැයි!..." කියල දිග දුක හිතෙන දිග කතාවක් කියාගන ගියා.  

මේ විදියට කාලයක් ගෙවිල ගියා...අපි හොද යාළුවොත් වුනා.

මමත්  දුෂ්කර පළාතක ජීවත් වන කෙනෙක් යුද්ධ කලබල නිසා මට මගේ නෑදෑකෙනෙකුගේ ගෙදර ඉදල මට මගේ ධ්‍යාපන කටයුතු කරගෙන යන්න සිද්ද වුනා.මම දැනගෙන හිටියෙ නැහැ මගේ යාලුවගෙ ගෙදරත් ලගම තියනවා කියල. අන්තිමේදි අපි දෙන්න එක  ගමක ඉදන් class යන්න එන්න පටන් ගත්තා.
බස් එකේ class යන කොට අපි එකට ගියා... පාඩම් කරන දේවල් සාකච්චා කලා... හිනා වුනා... විහිඵ කලා... එක පන්තියේ එක ලග වාඩි වෙලා ඉගෙන ගත්තා... තරගෙට පුශ්න වලට උත්තර ලිවුවා... අවසානයේ අපි විභාගයට වාඩිවෙලා හොදට විභාගෙත් ලිවුවා.

විභාග පුතිඵල නිකුත් වුනහම අපි හිතුවේ අපි දෙන්නම කැම්පස් යන්න පාස් වෙලා ඇති ඇති කියලා.ඒත් පුතිඵල බලනකොට මගෙ යාලුවනම් හොදට පාස් වෙලා තිබුනා. මට කැම්පස් යන්න පොඩි ලකුනු පුමානයක් මදි වුනා.  
මට ගොඩක් දුක හිතුනා. අපි දෙන්නම ඇඩුවා ඒත් එයා මාව දිරිමත් කරල මගේ හිත හදාගන්න ගොඩක් උදවු කලා... එයා කැම්පස් ගියත් වෙන  යාලුවෝ වගේ මාව නම් අමතක කලේ නැහැ, නිතරම මට කතා කලා... මාව දිරිමත් කලා...ඒත් කාලය කෙටිම කෙටි කාලයක් වුනා...

මම කවදාවත් නොපැතූ නොපැතූ නොහිතපු  විදිහට ඇය මම විතරක් නෙවෙයි එයාගෙ අම්මවයි තාත්තවයි එයාගේ එකම මල්ලිවයි මේ ලෝකෙ තනිකරල දාල යන්න ගිහිල්ල... 
ලැබීම් නොලැබීම් අතර ඇයට උරැම වූ ජීවිතය තුල ඉතාමත් දුෂ්කර වූ ගමනක ලබාගත් ජයග්‍රහණ වල සුවද යන්නටත් කලින් මගේ ජීවිතයෙන් මග හැරැනු කෙසේනම් අමතක කරන්නද? නෙතු පියෙන තුරා යෙහෙලියේ ඔබේ මතකය සැමදා මගේ හද තුල රැදෙයි නිබදව.

 ---- ධනු----