සැබෑ ආදරයක අරුත කිම

0 comments


ආදරය විදින්න කැමති අය හැම වෙලාවකම
ආදරේ සොයා යනවා, ආදරේ කියන්නේ
හැම වෙලාවෙම අපි ආදරය කරන හැම දෙයක්ම
අපේ ලගින් තියාගන්න එකට නෙමෙයි
සමහර විට අපි ආදරය කරන දේවල් 
අපේ ලග නැතිවුනත් අපේ ආදරේ කිසිම 
අඩුවක් වෙන්නේ නැහැ
ඒ තමයි ආදරේ හැටි
සමහරවිට අපි ආදරය කරන අය
අපිට කවදාවත්ම ආදරේ නොකලත්
අපේ ආදරේ අඩුවෙන්නේ නැහැ
සමහර විට අපි ආදරය කරන දේවල් 
අපි ලගම තියෙත්දිත් ඒ දේවල් අපේ
කරගන්න අපට බැරි වෙනවා
ඒ වුනාට එ දේවල් වලට තියෙන ආදරේ
අඩු වෙන්නේ නැහැ මේ තමයි සැබෑ 
ආදරයක අරුත 
සමහර අයගේ ආදර කතාවන් හරිම සුන්දරයි
ඒ ආදරයේ අරුත හොදින් හදුනා ගත් අය
එ අය ගේ ජීවිත ද බෙහොම සතුටින් ගෙවයි
මොවුන්ගේ ජීවිතයම ආදරය වේ ආදරයම 
ජීවිතයද වේ
නමුත් තවත් සමහරුන්
ආදරයේ නියම අරුත දැන
හෝ නොදැන එයට වහල්වි සිටි 
ගීතයක් ඇසූ විට දෑසට කදුලු පිරෙයි 
එක්තරා ගීත කිහිපයකට පමනක් සීමා වෙයි
වෙනත් ගීතයන්හි රසය විදීමට අකමැති වෙයි
පැරණි මතකයන් සිහි  කරමින් හීනවල සැරිසරයි
තමන්ගේ ජීවිතය පවා නැති කරගන්න තැත් කරයි
මේ අතර තවත් අය ආදරය විහිලුවක් සේ සිතයි
ඔවුන්ද ආදරයේ අරුත් නොදන්නා අය යැයි මට සිතෙයි

වස්සානය හමා වී

0 comments

වස්සානය හමා වී
සිනා මල් පුබුදු වී
ජීවිත තක්ෂලාවේ
වටිනාම හෝරාව උදාවිය
එනමුදු ඒ ගමන
අපහසුය...
දුෂ්කරය...
සැබවින්ම එය
මග දෙපස කටුක වූ...
මඩ වගුරු සහිත වූ
මාවත තරණය කිරීමට
තිරසර පැතුමින්
නැගී සිටිමු !!
එයයි අපේ අදිටන !!!

-කෝශි-

මතක අමතක කරනු කෙලෙසද?

0 comments

බැස යන්න එපා කිව්ව්ත්
හිරු අයිති මටම විතරද?
සුලග ඈවිදින් දුර අරන් ගියත්
ලග ඉන්න හැකි සුවදටම විතරද?
ලො දහම මෙයම කීවද
මතක අමතක කරනු කෙලෙසද?

-ධම්මි-