කටුනායක ජීවිතය I


කටුනායක කියන නම කණ වැකෙන සෑම මොහොතකම ඔබේ සිත තුල නැගෙන්නේ කිනම් චිත්ත රැපයක්ද....?

ඉදි කඩුල්ලෙන් පැන පොත් මිටියෙන් සමුගත්තද හය හතර නොදත්  තුරැණු ලොවේ  හෙට දවස ගොඩනගන්නට නේක වෙස් දරති...කුප්පි ලාම්පුවෙන් ජීවිතය ආලෝකමත් කර සමාජගත වන මොවුන්ගේ හෙට ලොව සොප්නයක් වේවිද....?

“රෑ වැඩ මුරය අවසන් වන කණි සමට
 නුඹෙ මුව පෙනේ පරවුණු කුසුමක් ලෙසට
 අරැණළු කැරලි වැටෙනා සද අළුයමට
 නුඹෙ ලොවට රෑවෙයි පෙර කල පවට....

ගීතයෙන් කියවෙන්නේ... ඇගළුම් කම්හලක සේවය කරන සේවකයකුගේ හෝ සේව්කාවකගේ ජීවන වෘතිය පිළිබද අංශු මාත්‍රියකි.

දිනෙන් දින ඉහළ යන ජීවන බර තවදුරටත් දෙමව්පියන්ට පැටවිය නොහැකි හෙයින් ඔවුන් ඇගලුම් කම් හළක සේවය කිරීමට පිටත්ව ගියේ අ.පො.ස.(සා.පෙ.)විභාගය හමාර කල වහාමය.ඔහු මගේ පළමු පංතියේ සිට අධ්‍යාපනය හැදැරෑ මිත්‍රෙයකි.

එහෙත් ශිෂ්වත්ව විභාගයෙන් අනතුරැව මා නගරයේ පාසලට ඇතුලත් විය.නමුත් මගේ මිත්‍රයට ඒ අවස්තාව නොලබුණි.ඔහුට ගමේ ආමන්ත්‍රනය කලේ “පුංචා යනුවෙනි.වසර ගනනකින් පසු ඔහු මට මුන ගැසිණි.ඔය අතර තුර ඔහුගේ ජීවිතයේ එක්තරා පරිචේදයක් දිගහරින්නට පටන් ගත්තේය...

“මේක මහ පුදුම ලෝකයක් බං..."
මම ඇයි කියලා ඇහුවා...ඔහු හිස පහතට හරවා ගනිමන් ඒ දුක්බර අතීතය මෙසේ හෙලි කළා...

“උඔ දන්නවනේ බං... මං අනන්තවත් දුක් ව්දලා තියෙනවා ජීවිතය ගැටගහගන්න කියලා.... අපේ අම්මලා තාත්තලත් එහෙමයි...තවත් ඔවුන්ගෙන් යැපෙන්න බැරි නිසා මම හිතුවා මොකක් හරි ජොබ් කට්ටක් හොයා ගන්න ඕනෑ කියලා... ඊට පස්සේ කටුනායක යන්න තීරණය කලා..."

මුලදී ගෙදරින් මේ ගමනට විරැද්ද වුවත් අවසානයේ දෙමාපියන් ද කැමති වූ බව පවසා සිටියා.

ඔහු මාස තුනක කාලයක් එහි සේවය කල බවත් ඒ තෙමස තුල ඔහු කල කී දෑ සියල්ල පුංච් පොත් පිංචක සටහන් කර තිබුණි.ඒ අනුව ඔහුගේ වදන් තුලින්ම මෙම පෝස්ට් එක නිර්මාණය කරන්නට මා වෑයම් කළෙමි. 

මෙ ගමනේ දී ඔහුට උදවු කරන්න මැතක දී හදුනාගත් නගරයේ මිත්‍රයෙකු සිටි බවත් ඔහු ඒ කාලයේ තමා ලගම සිටි මිතුරා බවත් පැවසුවා.ඔහු කතාව ආරමිභ කලේ දීර්ඝ හුස්මකින් අනතුරැවය.

අපි... ගම් වල හැදිච්ච එවුන්නෙ...බං.ඔය ලොකු ලොකු ටවුං  වල ගිහිං පුරැදුත් නෑ...අනිත් එක බං....බෝඩිං වල මම ජීවිතේට වත් ඉදලා නෑ... අම්මාපල්!...මම බෝඩිමක් කියන්නේ මොකද්ද කියලා වත් දැනගෙන හිටියෙ නෑ.ඇයි බං මම ගියේ ගමේ ඉස්කෝලෙට..ටී වි එකක් වත් බලන්ඩ තිබ්බෙ නෑ.. කුප්පි ලාම්පුවෙන් තමයි පාඩං කෙරැවේ...උබට කියන්ඩ බං...ටවුන් එකට ගියෙත් කලාතුරකින්.ඉතිං කොහින්ද බං බෝඩිං දකින්නේ....?

          ඔවුන් රැගෙන ගොස් තිබුණේ ඒ සී කළ නවීන පන්නේ වෑන් රථයකනි.පුංචට නම් නුහුරැ අත්දැකීමක් උනා.ඔහු මිත්‍රයගෙන් අසා සිටියේ

ඈ....බං මේක ඇතුලේ මාර සීතලක් නෙ තියෙන්නේ....

උඔ ඒක වත් දන්නෙ නැද්ද් බං...ඒ සී එක ඔන් කරා බං.

පුංචා මේ ඒ සී කියන වචනය අහලවත් නෑ.ඔහු මට පැවසුවේ...

“මගෙ ආත්මෙට මං එ සී කරපු වෑන් එකක ගිහිනුත් නෑ.


මේ මගේ මිත්‍රයා ගැන මම පුදුම උනා...  එක් අතකින් එහෙම පුදුම වෙන්න දෙයක් නෑ ,ඔහු ගොඩාක් දුප්පත් පවුලක ඉපදුන කෙනෙක්.  ඔහු ගමේ පාසලෙන් අධ්‍යපනය ලැබුවේ.

ඔයකාලේ ඒ ගමට විදුලිය තිබුනෙත් නෑ, පාරවල් තිබුනෙත් නෑ නිතරම දූවිලි ඇවිස්සුනු වලවල් සෑදී ගල් මතුවූ  බෙරලු පාරක් විතරයි තිබුනේ.ඉතින් ඔහු මේ කියන කතාව බොරුවක් නොවේ.ඔහු නැවතත් කතාව ආරම්භ කලේ...

“ කොහොම හරි මචං ඔං..  හැන්දෑවේ හතර වෙන කොට කටුනායකට ගියා විකීගෙ අක්කා එහෙ අවුරුදු විස්සක් වැඩ කරනවා.අක්කා අපි බෝඩිමට අරං ගියා.කරකවලා....ඇතෑරියා වාගේ බං. පුදුම මහන්සියක් නෙ දැවුනේ...

ඇයි බං ඔය වාගේ දිවිය ලෝක ගමනක් මගේ උපං ආත්මෙට ගියිං නෑ...අපි නතර වුනේ තට්ටු දෙකේ ගෙයක.මම ගියපු ගමන්ම ඇහුවේ කොයි අක්කගෙ බෝඩිම කියලා...

          ඔහු එසේ අසා සිටියේ බෝඩිම යනු කුමක් දැයි දැනගනු රිසියෙනි.කිසිම දිනක බෝඩිමක් නොදුටූ ඔහු මෙසේ සදහන් කලේය.

1 comments :: කටුනායක ජීවිතය I

  1. hodai aluth lekakayek wage, adupadu hadagena issarahata yamu. api innawa hamadamath. elakiri

Post a Comment