වස්සානය හමා වී


වස්සානය හමා වී
සිනා මල් පුබුදු වී
ජීවිත තක්ෂලාවේ
වටිනාම හෝරාව උදාවිය
එනමුදු ඒ ගමන
අපහසුය...
දුෂ්කරය...
සැබවින්ම එය
මග දෙපස කටුක වූ...
මඩ වගුරු සහිත වූ
මාවත තරණය කිරීමට
තිරසර පැතුමින්
නැගී සිටිමු !!
එයයි අපේ අදිටන !!!

-කෝශි-

0 comments :: වස්සානය හමා වී

Post a Comment