අපිත් දැන් බ්ලොග් ලියනවා


අපේම යාළුවෙකුගෙ උදව් ඇතුව අපි සෙට් එකක් එකතු වෙලා බ්ලොග් එකක් ලියන්න හිතුවා.

ඉතින් අපි ඔක්කොම එකතු වෙලා අපෙ බ්ලොග් එකට නමක් දාන්න කල්පනා කරද්දි
නම් ගොඩාක් එකතු උනා.

 ඊට පස්සේ තමයි හැමෝගෙම  කැමැත්තත්, තේරුමකුත් ඇතුව "වටමළුව" කියන නම තොරගත්තේ.

"
වටමළුව" කියන තැන හරිම සරුයි.

අස්වන්න පිරිලා වගෙම, බත සපයන්න වී අස්වන්න ආරක්ශා වෙන  තැනක්.

ඉතින් මේ "වටමළුව"  සාමාන්‍යයෙන් ගොවිතැනේදි භාවිතා කරන්නේ, හදිසියේ වැස්සක් වැස්සොත් අස්වැන්න රැක ගන්න, එක තැනකට එකතු කරගන්නයි.

"ගොයම් කොළේ" කියල කියන්නෙත් ඒකටම තමයි.

අන්න ඒ තේ
රුමෙන් අපෙ යාළුවන්ගෙ අදහස්, අත්දැකීම්, දක්ෂතා එකතු කරගන ලෝකෙට ඉදිරිපත් කරන්න ඔන්න අපිත් දැන් බ්ලොග් ලියනවා........

මේක කියවන ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා අපිට කොමෙන්ට් වලින් කියල එවන්න.ඒව අපිට ගොඩක් වටිනව. 
 
අපේ අදහස් අන්තර්ජාලයට එකතු කරන්න අපිට උදව් කරපු ඒ යාළුවටත් ගොඩා.....ක් ස්තූතියි!.

ඔයාලත් අපේ බ්ලොග් එක කියවන්න.වැරිදි පෙන්නලා දෙන්න.අපි ඉන්නෙ නම් රජරට,තාම ඉගෙන ගන්නවා.

14 comments :: අපිත් දැන් බ්ලොග් ලියනවා

  1. ලියන්නකො එහෙනම් බලන්න අපිත් ඇවිත් බලන්නම්

  2. වටමළුවට දිගු ගමනක් යන්න මගේ සුබ පැතුම්```

  3. දුර ගමනක් යන්න සුභ පතනවා. ෙදන්න බලන්න නියම කතා ටිකක්

  4. හරේ.. ජය වේවා කිව්වා! දිගටම කරගෙන යන්න සුබපැතුම්!

  5. ඔහොම යන් ..............

  6. ලියන්න අපි එනවා කියවන්න,..

  7. දිගු ගමනකට ආසිරි

  8. @Anonymous - බොහොම ස්තීතුයි කොමෙන්ට් එකට.ආයෙත් මේ පැත්තෙ ඇවිත් යන්න එන්න.

  9. @දූපත් වැසියා-බොහොම ස්තූතියි.අපේ වැරදි පෙන්නලා දෙන්න.

  10. @Anonymous2- ස්තූතියි

  11. @චතුවා-ස්තූතියි
    .ආයෙත් මේ පැත්තෙ ඇවිත් යන්න එන්න

  12. @ම-ස්තූතියි.ආයෙත් මේ පැත්තෙ එන්න

  13. @ක්සැන්ඩර් | Xඅන්ඩෙර්-එන්න එන්න.අපි බලන් ඉන්නවා.

  14. @තීර්ථ යාත්‍රිකයා-බොහොම ස්තූතියි.අපේ වැරදි පෙන්නලා දෙන්න.

Post a Comment