අපට පුලුවන් එහෙම නේද?



ජීවිතය..........
කියන අකුරු හතර ඇතුලේ
ලොකු අර්ථයක් තියනවලු
වරක් පැරදුනොත් දිනන්න අවස්ථා සියක් අපට දෙනවලු
වරක් හැඩෙව්වොත් සිනා මල් පොකුරක් අරගෙන
ආයෙත් ඇවිත් කදුලු පිස දමනවලු 
දුකක් දීල ඈතට ගියොත් සිනා සාගරයක් ගෙනත් දෙනවලු
මේ ජීවිතය...............
විදින්න දුන්න ජීවිතය අරගෙන විදෙව්වොත්
අපට ගොඩක් දේවල් දීල තියෙන
මේ ජීවිතයට කරන ලොකු අසාධාරනයක්ලු
හැබැයි.....................
ජීවිතය විදින්න යාන වාහන රංසළු ඕනෙද......?
නැහැ නේද...........?
කිරි දරුවෙකුගේ හසරැල්ලෙන් ජීවිතය විදින්න
වැටෙන හිරි පොදින් ජීවිතය දොවනය කරන්න
උදා හිරු කිරණින් ජීවිතය නහවන්න
කෙනෙකුගේ සතුට දිහා බලලා සැනසෙන්න
දෑසට හසුවෙන
දිවට රස ගෙනෙන
සවනට මුසුවෙන
සියලු මාධූර්යයන්ගෙන්
ජීවිතය විදින්න අපට පුලුවන්ද?
ඔව්............
අපට පුලුවන් එහෙම නේද? 
එහෙනම්
මේ දැන් සිටම
ජීවිතයට ඉඩ දෙන්න................................

3 comments :: අපට පුලුවන් එහෙම නේද?

  1. බලමු

  2. ජීවිතේ දිනන්න නේන්නම් අපි මේ ට්‍රයි කරන්නෙ.

  3. api [ardunoth thama dinan widiya wathenne yaluwane...

Post a Comment