කටුනායක ජීවිතය III - “ඒ...යි මේ දෙකනං....අද බැහැපු දෙකක් වාගේ...බයිටි කරනවද....?

“ඒකනං ඇත්ත තමයි බං .....ඒ උනාට බං මේ අපේ ගම තරං මටනං වටින්නෑ දිවියලෝකේ ගිහිං දැම්මත්..."
පසුදින උදෑසන අවදි වූ ඔවුන් රැකියාව සදහා යාමට සූදානම් විය.
“මට නං තිබ්බේ බාටා කෑලි දෙකයි ගිය කන්නේ කෙල්ලු විකුණලා තාත්තා අරං දුන්න කමිස කෑල්ල විතරයි. ඈ යකෝ.......පාරට බැහැල බැලිනං එක එක විසි විජ්ජන.
අතට කරට බුසල් ගනං යකඩ කෑලි එල්ලාගන වයිවාරණ සපත්තු දාගන ඒ මදිවට සමහර එවුන් කරාබු කෑලිත් එල්ලාගෙන අඩේ බොල මෙවුන්ට දෙයියංගෙ හාල් කැවිලා වත්ද?.
සිනහවකට මුව සූදානම් වුවත් මා එය වෑයමෙන් නවතා ගත්තෙමි. අපි මේ ලෝකයේ තියෙන තාක්ෂණික දැනුම සමග ඉදිරියට යන විට තවත් පිරිසක් ඉතාමත් පහළ.ඇයි මේ....?

සමහර විට අපි විදේශිකයෙකු සමග කතා කළ හොත් ඔවුන්ගේ තාක්ෂණික දැනුම හා සසදන කල අප මාගේ මිතරාගේ තත්වයටම වැටෙන්නට ඉඩ ඇත.මෙවැනි පුද්ගලයන් දුටු විට අප සැබැවින්ම සිනහ වීමද කල යුත්තේ...?

නැත අප එවැන්නන් මේ සමාජයෙන් ඉදිටියට යාමට දිරිය දෙමු.ඔහු කතාව නැවැත්වූයේ නැත.මා ද ඔහු නැවැත්වීමට වෑයම් නොකලෙමි.
“අපි දෙන්නා බස් එකේ යන්නත් හදලා...අයෙ පයින්ම ගියා අමන්දොළුවෙ ඉදලා ඇවරියවත්ත ටවුන් එකට.ඒක මහ කජු කනවා වගේ වැඩක් බං.උඔ දන්නවනේ...අපි හැතැප්ම දහය පහළොව පයින් ගිහිං තියෙන එකේ... ඔය ඩිංග යංඩ බස් ඕනෙද හා....?
අද වාගේ මතකයි ඕං...එතකොට ම ජැන්ඩි පහට ඇදගත්ත ගෑණු ළමයි දෙන්නෙක් අපි පහු කරගෙන ගියා...ඉන් එකියක් මෙහෙම කීවා...
“ඒ...යි මේ දෙකනං....අද බැහැපු දෙකක් වාගේ...බයිටි කරනවද....?
එවිට අනිත් එකී...“පිස්සුද යකෝ....මේ දවස් වල shift එකට වැඩ කරන්නේ කියලා උඔට අමතකද?මෙහෙ වරෙන් යන්න ගැරඩ්න්ට ගල් ගහන්නැතුව...
තුහේ ....නොදම කිං ඇහැටුල්ලී...මෙවුං කතා කරන්ඩ වත් දන්නෑනෙ බං...
ඇත්තෙන්ම මගේ මිතුරා ගමේ හැදුන වැඩුන තරැණයෙකි.ඔහු ඉතා රෑමත් ය.පුළුල් වූ නලළ් තලය සිනහවකින් හැකිලී යන්නේ ය.තරමක් ලැජ්ජා ශීලි ඔහු කිසිම දිනෙක කොණ්ඩය පීරැවේ නැත.සෑමදේටම කට කොනකට නගා සිනාසීම ඔහුගේ පුරැද්දයි.මෙ නිසාම සියළු දෙනාගේ ආකර්ශනයට ලක් නොවුනේ නම් එය පුදුමයකි.

අපේ ගං වල දකින කෙල්ලෝ වාගේ   නෙමෙයි බං මෙවුන්...බලන බලන එකා එක්ක කට අප්පල්ලේ වාගේ ඇරගෙන විරිත්තනවා...සමහර එවුං යන්නේ වයින් කරපු කාර් වාගේ...ඈ...බං...ගෑණු ළමයෙක් වුනහම ටිකක් සංවරව යන්ඩ එපා ද හා....?සංවරව අදිංඩ එපාද..? 
අපේ ගං ඔල නං කලිසන් කොටයක් ගැහැවුවොත් ආයෙ...ගමේ ඉදලා...හමාරයි.

ඒකටත් එක්ක මෙවුන් කකුල් දිගටත් අදිනවා...කොටටත් අදිනවා...ඒත් මටනං අම්මාපල් හිතුනා සායකුයි හැටිටෙකුයි ඇදගෙන එන්ඩ.ඇයි යකෝ මුං මහ පුදුමාකාර ජාතියක් නෙ...

සමහර එවුන්ගේ කකල් දිහා බලන්ඩ බයේ බෑ...කොයි වෙලාවේ ලබ්බ පොලවෙ ගැහුවා වාගේ පැලෙයිද කියලා.

සැබවින්ම ග්‍රාමීය ප්‍රදේශවල ගැහැණු ළමයකු කලිසමක් අදිනවා කියන්නේ මහ නිංදාවට අවනම්බුවට කරුණක් නේ......

එත් නාගරික සංස්කෘතිය හරිම වෙනස්.මගේ මේ මිතුරා දැන් වසර ගණනාවක්ම මාගෙන් දුරස් වී.මේ සියලු විස්තර ඔහුගේ “කටුනායක විත්ති නම් සටහනින් උපුටා ගන්නා ලද තොරතුරු වෙ.



5 comments :: කටුනායක ජීවිතය III - “ඒ...යි මේ දෙකනං....අද බැහැපු දෙකක් වාගේ...බයිටි කරනවද....?

  1. */ඔහු ඉතා රෑමත් ය/*
    කොල්ලොන්ට රූමත් කියල කියන්නේ නෑ. කොල්ලෝ කඩවසම්. කෙල්ලෝ රූමත්. එත් අද මාධ්‍ය ආයතන වල ඉන්න මාධ්‍යවේදීන් ලෙස හඳුවාගන්න උදවිය පවා මේ වචන වරද්දනවා. ඉතින් මේ වරද හදාගන්න.

  2. බ්ලොගයේ භාෂා විලාසය නම් අගෙයි..පෝස්ටයන් තව ටිකක් දිගු වුනානම් කියලා හිතුනා...

  3. දැන් කාලේ වුනත් ගම් වලට ඕවා මැජික් වුනාට මේ නගර වලට මේවා සාමාන්‍ය දේවල්.ඕවා ඔය විදියට වුනේ නැත්තම් එක අතකින් අපි ඉදිරියට ගියා කියන්නත් බැහැ

  4. awulak na wati wati nagitimu

Post a Comment