අහිමි වුණු ඇගේ ඇසුර



ජීවිතේ හරිම පුදුමාකාරයි. කිසි දිනක අප නොසිතූ දේ අරගෙන සැඩ සුළගක් වගේ ලගට එනව, ඊට පස්සේ මොකුත්ම නොවුන විදිහට ආයෙත් ජීවිතය ගලාගෙන යනව. 

ඒත් කවමදාකවත්ම අමතක කරන්න බැරි චරිත අපේ ජීවිත වලට ලංකරන්නත් ඒ අය අපගෙන් වෙන් කරන්නත් මේ ජීවිතය පුරාවට සිදුවන සිදුවීම් වලට පුලුවන්.

අපේ ජීවිතයේ විවිධ කඩයිම් පසු කරගෙන අපි ඉදිරියටම යනවා... එවැනි එක් කඩයිමක් තමයි අපි හැමෝගෙම A/L ජීවිතය කියන්නේ. හැමෝම අවුරැදු දෙකක් පුරාවට මහන්සි වෙලා පාඩම් කරල  කොහොම හරි ඉගෙන ගෙන කැම්පස්  යන්න තමයි දගලන්නේ... මේ අවුරැදු දෙක ඇතුලේ අපිට මො තරම් දේවල් වලට මුහුණ දෙන්න වෙනවද?

මම මේ ලියන්නේ මගේ ජීවිතය තුල අනිත් බව සැබෑලෙසම අත්වින්ද අත්දැකීමක් . ඇය මට හමුවන්නේ A/L ටියුෂන් class කින්, එදා  මට අද වගේ මතකයි.මට එදා class එකට යන්න පරක්කු වුනා මොකද මම ගොඩක් දුර ඉදන් class එකට යන නිසා. ඒත් මම ගිහින් class එකේ ඉඩ තියෙන තැනකින් වාඩි වුනා. සර් සිංහල සාහිත් පාඩම රස කර කර උගන්වනවා.

මේ අතර තුරේ මට එහා පැත්තෙන් වාඩිවෙලා හිටිය ළමය එක පාරටම සිහිය නැතිව වැටුනා.මම හොදටම බය වුනා මමත් අනිත් ළමයිනුත් එකතු වෙලා එයාට වතුර ඉහලා,තව වතුර ටිකක් බොන්න දුන්නා. ටික වෙලාවකින් එයාට සිහිය ආවා.

මම එක පාරටම එයාගෙන් ඇහුවේ,"ඔයා කෑමකාල නෙවෙයිද ඉන්නේකියලා ඊට පස්සේ එයා කිවුව "මගේ තාත්තා හොස්පිට්ල් එකේ නතර කරල... ගොඩක් අමාරැයි!..." කියල දිග දුක හිතෙන දිග කතාවක් කියාගන ගියා.  

මේ විදියට කාලයක් ගෙවිල ගියා...අපි හොද යාළුවොත් වුනා.

මමත්  දුෂ්කර පළාතක ජීවත් වන කෙනෙක් යුද්ධ කලබල නිසා මට මගේ නෑදෑකෙනෙකුගේ ගෙදර ඉදල මට මගේ ධ්‍යාපන කටයුතු කරගෙන යන්න සිද්ද වුනා.මම දැනගෙන හිටියෙ නැහැ මගේ යාලුවගෙ ගෙදරත් ලගම තියනවා කියල. අන්තිමේදි අපි දෙන්න එක  ගමක ඉදන් class යන්න එන්න පටන් ගත්තා.
බස් එකේ class යන කොට අපි එකට ගියා... පාඩම් කරන දේවල් සාකච්චා කලා... හිනා වුනා... විහිඵ කලා... එක පන්තියේ එක ලග වාඩි වෙලා ඉගෙන ගත්තා... තරගෙට පුශ්න වලට උත්තර ලිවුවා... අවසානයේ අපි විභාගයට වාඩිවෙලා හොදට විභාගෙත් ලිවුවා.

විභාග පුතිඵල නිකුත් වුනහම අපි හිතුවේ අපි දෙන්නම කැම්පස් යන්න පාස් වෙලා ඇති ඇති කියලා.ඒත් පුතිඵල බලනකොට මගෙ යාලුවනම් හොදට පාස් වෙලා තිබුනා. මට කැම්පස් යන්න පොඩි ලකුනු පුමානයක් මදි වුනා.  
මට ගොඩක් දුක හිතුනා. අපි දෙන්නම ඇඩුවා ඒත් එයා මාව දිරිමත් කරල මගේ හිත හදාගන්න ගොඩක් උදවු කලා... එයා කැම්පස් ගියත් වෙන  යාලුවෝ වගේ මාව නම් අමතක කලේ නැහැ, නිතරම මට කතා කලා... මාව දිරිමත් කලා...ඒත් කාලය කෙටිම කෙටි කාලයක් වුනා...

මම කවදාවත් නොපැතූ නොපැතූ නොහිතපු  විදිහට ඇය මම විතරක් නෙවෙයි එයාගෙ අම්මවයි තාත්තවයි එයාගේ එකම මල්ලිවයි මේ ලෝකෙ තනිකරල දාල යන්න ගිහිල්ල... 
ලැබීම් නොලැබීම් අතර ඇයට උරැම වූ ජීවිතය තුල ඉතාමත් දුෂ්කර වූ ගමනක ලබාගත් ජයග්‍රහණ වල සුවද යන්නටත් කලින් මගේ ජීවිතයෙන් මග හැරැනු කෙසේනම් අමතක කරන්නද? නෙතු පියෙන තුරා යෙහෙලියේ ඔබේ මතකය සැමදා මගේ හද තුල රැදෙයි නිබදව.

 ---- ධනු----

9 comments :: අහිමි වුණු ඇගේ ඇසුර

  1. ජීවිතේ කියන්නෙ ඕකට තමා අපි ජීවිතක් කොයිවෙලේද සුවර් නෑ.

  2. ohoma thamai jivithe hati

  3. වේදනාත්මකයි

  4. So sad

  5. @රොසා-එකනම් ඇත්ත.

  6. @cafee- සංසාරේ බවේ දුකා.

  7. @තීර්ථ යාත්‍රිකයා-එකට ඉතින් අඩන්න ඕනේ ඇයි?

  8. @ජිල්බුවා-ඇඩෙනවා නේ?

  9. දුක හිතෙන කතාවක් නේ.
    ගොඩක් හොද කට්ටිය වැඩිකල් ජීවත් වෙන්නේ නෑ මල්ලි. ටික කාලයයි ජීවත් වෙන්නේ.

Post a Comment