ඔයා අහසක් වගේ


ඔයා අහසක් වගේ
මොහොතින් මොහොත වෙනස් වෙන
සිතුවත් කෙහොම කොයි ලෙසින්
ඒ අහස සිප ගන්න පුළුවන්
මගේ සිතුවිලි වලට විතරනේ......
ඔයා සුලගක් වගේ
දුවගෙන ඇවිත් මොහොතක් නොයිද
ආපසු දුවන ඒ සුලග එක්ක හාද වෙන්න පුලුවන්
මගේ සුසුමකට විතරනේ..........
ඔයා සිහිනයක් වගේ සුසුමට ඉඩ හරින
පැතුම් පිරුවත් ඒ සිහිනය දැක ගන්න
පුළුවන් මගේ නිදි නෙතට විතරනේ........
ඔබ මිරිගුවක් වගේ ලං වූ විට නොපෙනෙන
බලා සිටියත් දුරක සිට ඒ 
මිරිගුව අල්ලන්න පුළුවන්
මගේ ආදරයට විතරනේ...... 

         -ධම්මි-

0 comments :: ඔයා අහසක් වගේ

Post a Comment