සැර් වට්ටක්කා


මේක මගේ ජිවිතේ තවත් අද්දැකිමක්!,

අපේ රටේ ............., කියන්නේ උත්තරීතර අයතනයක්, ඒත් ඒකේ ඉන්න අය කරන වැඩ නිසා ඒ ආයතනය චාටර් වෙලා තියෙන්නේ, ඉතින් මේ කතාවත් ඒ ගැන තමා.

     ඔන්න ඉතින් එක දවසක් අපේ පැත්තේ .............. පොරක් බීට් එකේ දැම්මා. බීට් 1ක කියන්නේ ජංගම නිරික්ෂණය කරනවා. ඒ කියන්නේ රැට ................ නිලධාරින් දෙදෙනෙක් රාත්‍රි‍යේ මුර සංචාරයේ යෙදෙනවා. 

ඉතින් දවසක් දා රැ මේ මුර සංචාරයේ යෙදෙන ................ නිලධාරින් අතේ තේ 1ක් බොන්නවත් අතේ පිච්චිය නැතුව ඉදලා තියෙන්නේ ඉතින් එදා රැ වැරැද්දක් කියලා තියන දෙයක් හම්බෙලාම නෑ. 

ලෝකේ තියන හොදම වගාවෙන් ඵල නෙලා ගන්න බැරි උනා රැ 11 වෙනකම්ම. ඉතින් ඔහොම ටිකක් වෙලා ඉද්දි වට්ටක්කා අරන් වව්නියා යන අලුත්ම අලුත් ඩිමෝ බටිටෙක් අවා. මේ ................. නිලධාරින් දෙන්නා මේ වාහනයට අත දාල නැවැත්තුවා. එක එලවගෙන ආවේ දෙමල ඩයල් 1ක්, වාහනේ මෙලෝ වැරැද්දක් නෑ. ලයිසන් ඉන්සුවරන්ස් ඔක්කෝම තියනවා. 

මේ ................. පොර ඇහුවා,"මොනවද අරන් යන්නේ"කියලා.
වාහනේ හිටපු දෙමල පොර කිව්වා,"සැර් වට්ටක්කා" කියලා...
 
............. මැන් කිව්වා,"තමුසේ දන්නැද්ද අලුත් නිතිය රැ 9න් පස්සේ වට්ටක්කා අදින්න බෑ... ගන්නවා රැපියල් 200ක්.!"
 ඉතින් එදා රැ ලෝකේ තියන හොදම වගාවෙන් පුංචි ගෙඩ්යක් කඩා ගත්තා. මෙකේ හිස්තැන් වලට ඔයාල කැමති 1ක් දා ගන්න. මේ වගේම කතාවකින් අපි ආයෙත් හම්බෙමු.
-චාපක- 

1 comments :: සැර් වට්ටක්කා

  1. bhu hahaaa. police police LOL

Post a Comment